Visual Basic.net

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 62 ක්

පැය : 4.5 ක්

4.5 Hrs with 62 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Software development for financial sector, stock controlling, accounting, human resource management can be done through Windows form and Web forms which are used in Visual Basic.net and this video tutorials teaches how to use Visual Basic.net in Sinhala medium from basic to advance.

    Windows සහ Web application සකස් කිරීම සඳහා Microsoft සමාගම විසින් හඳුන්වාදී ඇති Visual Programming Envirment එකක් ලෙස Visual Basic.net මෘදුකාංගය හඳුන්වාදීමට පුලුවනි. Visual Basic.net භාවිතාකර ඉතා සංකීර්ණ මෘදුකාංගයන් වුවද සරල ලෙස සහ ඉක්මනින් සකස්කර ගැනීමේ හැකියාව ඇත. එසේම මෙහි ඇති Graphical Tools භාවිතාකර, ඔබ සකස් කරගන්නා Windows සහ Web මෘදුකාංගයන් වල Interface ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමේ හැකියාවද පවතී.

    Visual Basic.net වල ඇති විශේෂත්වය වන්නේ, ඔබට වෙනත් Programming language එකක් භාවිතයෙන් දින ගනනක් සකස් කිරීමට සිදුවන මෘදුකාංගයක් මෙමඟින් ඉතා ඉක්මනින් සරලව සකස් කරගැනීමට හැකිවීමයි. එයට හේතුව වන්නේ මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍යවන ඇතැම් සංකීර්ණ Program කොටස් VB.net තුලම ඔබට සකස්කර දී තිබීමයි. උදාහරණයක් ලෙස වෙනත් ක්‍රමලේඛන භාෂාවකදී මෘදුකාංගයක Interface නිර්මාණය කිරීම සඳහා Cording රාශියක් ලිවීමට සිදුවුවත් VB.net තුලදී කිසිදු වෙහෙසකින් තොරව Drag & Drop ක්‍රමයට Interface සකස්කිරීමට පුලුවනි. එයට හේතුව වන්නේ VB.net යනු ක්‍රමලේඛන භාෂාවක් පමණක්ම නොව, එය Graphical Development Environment එකකින්ද සමන්විත වීමයි.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව තුලදී Visual Basic.net පිළිබඳව හඳුන්වාදීමේ සිට VB.net භාවිතාකරගනිමින් ක්‍රියාකාරී පරිගණක වැඩසටහනක් නිර්මාණය කර අවසානයෙහි .EXE file සකස්කර ගැනීම දක්වා වන සියලූම සිද්ධාන්ත සහ ප්‍රායෝගික කරුණු සම්පූර්ණයෙන් අධ්‍යනය කිරීමට හැකියාව ඇති අතර මෙහි ඇති සියලූම පාඩම් ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

    මෘදුකාංග නිර්මාණකරනය පිළිබඳව මූලික හඳුන්වාදීම් සහ මූලික සිද්ධාංතයන්ද ඇතුලත් වන නිසා මෘදුකාංග නිර්මාණකරනය සම්භන්දව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුලසිට, සරලව සහ පහසුවෙන් අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයේදී VB.net භාවිතයෙහි ප්‍රවීන දැණුමක් සහ තනිවම මෘදුකාංගයක් සකස්කර ගැනීමේ හැකියාව ඔබට ලබාගැනීමට පුලුවනි.

    * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • මෘදුකාංග නිර්මාණකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
  • • තමන්ගේම මෘදුකාංගයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය ඔබහට
  • • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට
  • • මෘදුකාංග නිර්මාණ ශිල්පයෙහි නියුතු සහ ආදුනික ඔබ හට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්‍රමාණවත්ය.

Syllabus / පාඩම් මාලාව

1. Introduction
2. Getting Started with .NET
  • How to Start a Visual Studio .net
  • How to Start a Visual Basic .net Project
  • Visuals Studio .NET IDE
  • Windows forms Watch Video
  • Windows forms Properties Watch Video
3. Creating Windows Forms - Form Controls
  • Introduction
  • Label
  • Text Box
  • List Box
  • Combo Box
  • Check Box Watch Video
  • Radio Button
  • Group Box
  • Button
  • Status Bar Control
4. Creating Windows Forms - Windows form Events
5. Implementing Message Box
6. Validation of Data in Windows Forms
7. Creating Windows Forms
  • Introduction
  • Show
  • Activate
  • Close
  • Set Desktop Location
8. Vb.net Language fundamentals
  • Introduction
  • Data Types
  • Variables
  • Arrays
  • Operators
  • Arithmetic Operators
  • Comparison Operators
  • Logical Operators
  • Concatenation Operators
  • Control Flow Controls
  • If-then-else
  • If- Else If
  • While-End While
  • Do-Loop
9. Working with Procedures
10. Problem Statement 1 - on Forms and Controls
  • Problem 1
  • Solution for the problem statement 1
11. Common Dialog Classes in Visual Basic .NET
  • Color Dialog class
  • Font Dialog class
12. Working with Menus and MDI Applications
13. Problem Statement 2
  • Problem 2
  • Solution for the problem statement 2
14. Introduction on Database connectivity
  • Establishing the Connection
  • Adding Data Source and Preview the data
15. Accessing and Manipulating Data
  • Implementing Simple data Binding
  • Implementing Complex data Binding
  • Filter Data
16. Creating Crystal Reports
17. Deploying .NET Applications
Sample Videos

Lesson 2:4

Windows forms

Lesson 2:5

Forms properties

Lesson 3:6

Check box control

Lesson 4:2

Click events

Package / පැකේජය

Total time : 4.5 Hrs

Number of videos : 62

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : Visual Basic 2008, 2009 & 2010

ISBN : 978-955-4032-12-5

Price

Rs 1990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට VB ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.